මුඞීස් ණය ශ්‍රේණිගත කිරීම ගැන රජයේ දැඩි අප‍්‍රසාදය

132

මුඞීස් ආයෝජන සේවාව විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතදී සිදුකරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දැඩි අප‍්‍රසාදය පළ කරයි.

පසුගියදා මුඞීස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළන ලද අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් රජය මේ බව කියයි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මුඞීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම, වැදගත් සිදුවීමකට දින කිහිපයකට පෙර එනම් 2022 රජයේ අයවැය ප‍්‍රකාශයට පෙර සිදුකිරීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන බවද රජය පවසයි.

රජයේ මූල්‍ය සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නොවන බවට මුඞීස් විශ්ලේෂකයන් සමඟ සිදුකරන ලද සාකච්ඡුා වලදී ඔවුන්ගෙන් ප‍්‍රකාශ වූ මතය පැහැදිලිවම එවැනි විශ්ලේෂකයන්ගේ පවතින අනවබෝධය විදහා දක්වන බවද රජය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment