මුජිබර් ඉංග්‍රීසියෙන් දිවුරුම් දෙයි

134

මුජිබර් රහුමාන් මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (10දා) දින පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය සහිත තැනැත්තියක බව ඔප්පු වීම හේතුවෙන් ඇයට අහිමි වූ මන්ත්‍රී ධුරය සඳහා රහුමාන් මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.

මුජිබර් මහතා නව වැනි පාර්ලිමේන්තුව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතා මනාපයෙන් තේරී පත්ව දැනට කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය කැමැත්තෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

නව මන්ත්‍රීවරයකු වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් දිවුරුම් දුන් ඒ මහතා සුභපැතුම් මධ්‍යයේ විපක්ෂ අසුනක අසුන් ගත්තේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment