මුණුබුරාත් සමග පාරේ ගිය මිත්තණිය පසුපසින් පැමිණි කාර් මාරයාට බිලි

273

අධික වේගයෛන් රිය පැදවූ කත අත්අඩංගුවට

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඉදිපරපේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාරේ ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් ඇති බව මීරිගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ඉදිපරපේ ලිපිනයේ පදිංචි ඊ.එම්. චන්ද්‍රලතා නමැති හැට හැවිරිදි කාන්තාවකි.

කිසියම් කටයුත්තක් සඳහා ඊයේ (21) තම 11 හැවිරිදි මුණුබුරුත් සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔවුන්ට පිටුපසින් ගිරිඋල්ල දෙස සිට කාන්තාවක් විසින් අධික වේහයෙන් පදවාගෙන පැමිණි බව කියන මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන මිත්තනිය සහ මුණුබුරා යට කරගෙන මීටර් 20 පමණ දුර ගොස් අසල තිබූ ගේට්ටු කනුවක ගැටී නතර වී ඇත. අනතුරින් තුවාල ලද මිත්තනිය සහ මුණුබුරා ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් මීරිගම මූලික රෝහලට රැගෙන ගොස් ඈත. රෝහලට ඇතුළත් කිරීමෙදී මිත්තනිය මියගොස් ඇති බව මීරිගම පොලීසිය පවසයි. තුවාල ලත් මුණුබුරා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබයි. මෝටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් ඇය කිසියම් කටයුත්තක් සඳහා මහව ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙන අතරතුරේදී මෙම අනතුර සිදුවී ඇත. මෝටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව මීරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුර පිළිබඳ මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කල්එළිය චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment