මුතුරාජවෙල අක්කර 10ක් එල්එන්ජී ව්‍යාපෘතියට දීමට කැබිනට් අනුමැතිය

167

රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබදව ඇති අක්කර දහයක ඉඩම් කොටසක් ස්වාභාවික වායු බලාගාරයක් (එල්එන්ජී) ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීම පිණිස කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ඉඩම් කොටස ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලයද අනුමත කර ඇත.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (21වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment