මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම්වලට විසදුම් නොදුන් රාජ්‍ය ආයතන හයකට එරෙහිව පරිසර සංවිධාන පොලිසි යයි

280

ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුතුරාජවෙල රක්ෂිතයට අයත් තෙත් බිම් ආශ‍්‍රිතව ශීඝ‍්‍රයෙන් කෙරීගෙන යන අනවසර ගොඩකිරීම් පිළිබ`ද නිසි ක‍්‍රියාමාර්ග නොගන්නා බවට රාජ්‍ය ආයතන හයකට එරෙහිව පරිසර සංවිධාන හා ප‍්‍රදේශයේ සමිති සමාගම් කීපයක් එක්ව කදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම්වලට විසදුම් නොදුන් රාජ්‍ය ආයතන හයකට එරෙහිව පරිසර සංවිධාන පොලිසි යයි

මුතුරාජවෙල අභයභුමිය සුරකීමේ සංවිධානය, සුරකිමු මුතුරාජවෙල යන සංවිධාන සහ මුතුරාජවෙල ධීවර සමිතිය මෙම පැමිණිල්ලලේ ප‍්‍රධාන කොටස්කාරයින් වී ඇත.

මුතුරාජවෙල විනාශය වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 2017 නොවැම්බර් මස 1 දින ලබාදුන් තහනම් නියෝගයන් උල්ලංඝනය කරමින් සිදුවන ක‍්‍රියා කලාපයන් නතර කිරීමට නීතිමය ක‍්‍රියාමාර්ග නොගන්නා බවට ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වනජිජීවි සංරක්ෂණ දෙපාර්තම්න්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජාඇල පළාත් පාලන ආයතන දෙක වගඋත්තරකරුවන් ලෙස පැමිණිල්ලේ ස`දහන් කර ඇත. මුතුරාජවෙල අභයභුමිය සුරැුකීමේ සංවිධානයේ ලේකම් සේනාරත්න වනසිංහ මහතා පවසා සිටින්නේ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ බලය යොදාගෙන අදාළ නීතිමය තත්ත්වයන් පවා නොතකා ජාඇල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ සිදු කරගෙන යන මුතුරාජවෙල පුරන් කුඹුරු හා තෙත් බිම් අනවසර ගොඩ කිරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ ගංවතුර තර්ජනයට මුහුණ දී ක`දාන, ජාඇල, ද`ඩුගම, සිදුව, කටුනායක සහ මීගමුව ප‍්‍රදේශවල පහත් බිම් ආශ‍්‍රිතව දිවි ගෙවන දහස් ගණනක ජන කොටසකගේ ජීවිත හා දේපොල දැඩි අවදානමකට ලක්වීම බවය.

බී.ටී.කේ – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment