මුතුරාජවෙල ගැසට්ටුව බල රහිත කරන්න – කාදිනල්තුමාගෙන් රිට් පෙත්සමක්

201

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව, වත්තල හා ජා ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ පිහිටි ඉඩම් හෙක්ටයාර් 3862 කට අධික ප‍්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

නීතීඥ සඳුන් නාගහවත්ත මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍ය අගමැති මහින්ද රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී විෂයභාර අමාත්‍ය සී. බී. රත්නායක, ඇතුළු 18 දෙනකු නම්කර ඇත.

රැුම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තෝබර් 07 දා එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත්, එය ක‍්‍රියාත්මක වුවහොත් තමන් වහන්සේ ඇතුළු ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට බලවත් වූද ප‍්‍රතිකර්ම යෙදිය නොහැකි වූද පාඩු සහ හානිවලට නියත වශයෙන්ම මුහුණ දීමට සිදුවන බැවින් එම ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම වළක්වමින් මුල් අවස්ථාවේදීම අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අගරදගුරුතුමන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

තවද මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැදුරේ සෙත් සරන කරිටාස් ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්ද, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 05 දා පැමිණිලි කොට තිබිණි.

ඒ ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment