මුතුරාජවෙල ලොකු ගින්නක්

172

මුතුරාජවෙල සීමාවට අයත් පුබුදුගම ප්‍රදේශයේ පෙරේදා (25 දා) රාත්‍රි හදිසියේ ඇතිවූ ගින්නකින් විශාල ප්‍රදේශයක් දැවී විනාශ වී ඇති අතර ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදා භටයෝ ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටියහ. කැලෑබද මෙම ප්‍රදේශයේ නිවාස කිසිවක් නොවීය. ඊයේ සවස්වන විටත් ගින්න ඇවිළෙමින් තිබුණි. පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු වෙමින් පවතියි.

පමුණුගම – එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment