මුතුරාජා යළි තායිලන්තයට

575


දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා ප්‍රතිකාර ලබා දෙමින් සිටින තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද මුතුරාජා හස්තියා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ රැක බලා ගැනීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී ඇත.මෙම හස්තියා අලුත්ගම කන්දේ විහාරයට පරිත්‍යාග කර තිබූ අතර එම හස්තියා රැකබලාගත් ඇත්‌ගොව්වා විසින් සිදු කරන ලද අඩම්තේට්ටම් හේතුවෙන් රෝගාතුර විය. ඉන් පසු මුතුරාජා රැක බලාගැනීමේ කටයුතු මෙරට තායිලන්ත තානාපති පෝජ් හාන්පූල් මහතා විසින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පවරනු ලැබීය.
හස්තියා නැවත තායිලන්තයට රැගෙන යන බවට මෙරට තායිලන්ත තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment