මුදල් අච්චු ගහමින් දෙන්න හදන්නෙ අසහන පැකේජයක්: මේවගේ පහත් තැනකට වැටුණු කාලයක් කවදද අපේ රටේ තිබුණෙ?

82

ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජයක් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජය ප‍්‍රතිඵලය කුමක්දැයි එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප‍්‍රශ්න කළේය.

වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත්තේ රට තුළ විවිධාකාරයේ අර්බුද නිර්මාණය කරමින් බවත්, එහෙම අර්බුද නිර්මාණය කරමින් බලය ලබාගත් ආණ්ඩුවම අද අර්බුදයට ලක්ව ඇති බවත් පේ‍්‍රමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ත‍්‍රිකුණාමලය සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

70-77 මැතිනියගේ යුගයේදී රටේ පෝලිම් යුගයක් තිබූ නමුත්, එදා පෝලිම් යුගයක් පැවතුනේ සංවෘත ආර්ථිකයක් තිබූ රටක් තුළ බව පැවසූ විපක්ෂ නායකවරයා විවෘත ආර්ථිකයක් ඇති තත්ත්වයක් තුළ පවා අද පෝලිම් යුගයක් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුවේ අසාර්ථක අ¥රදර්ශී නොහික්මුණු ආර්ථික ක‍්‍රියා පිළිවෙත නිසා බවද පැවසීය.

අපේ රටේ කොයි කාලෙද මේ වගේ ගෑස් පිපිරීම්, දියර පොහොර කෑන් පිපිරීම් සිදු වුණේ. කොයි කාලෙද ලෝකයේ තෙල් මිල බහින කොට මේ රටේ තෙල් මිල ඉහළ නංවූයේ. ධීවර කටයුතුවල යෙදී සිටින ජනතාවගේ ජන ජීවිතය අඩාල කරලා, සමස්ත ජනතාවගේ ජීවිත අකර්මණ්‍ය කරලා. මේවගේ පහත් තැනකට වැටුණු කාලයක් කවදද අපේ රටේ තිබුණෙ? 70-77 කාලෙත් පෝලිම් යුගයක් තිබුණා. ඒ තිබුණේ සංවෘත ආර්ථිකයක් තුළ. දැන් තියෙන්නෙ විවෘත ආර්ථිකයක්. මේ රජයට බැහැ රට කළමනාකරණය කරන්න. නිසි නායකත්වයක් ලබා දෙන්න. විනිවිද භාවයකින් යුක්ත ක‍්‍රමවේද නෑ. බල අරගලය පමණයි. රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණනවා. එහෙම තමයි යුගදනව් බලාගාරය විදේශීය කම්පැණියකට විකුණන්න කැබිනට්ටුවත් ගොනාට අන්දලා කටයුතු කළේ. මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද? දැන් කියනවා මේ ප‍්‍රශ්න ඔක්කොම කොවිඞ් නිසාලූ. බලන්න සිංගප්පූරුව, හොංකොං, චීනය, ඉන්දියාව, බංග්ලාදේශය දිහා. හැම රටක්ම කොවිඞ් සමයේ හොඳ කළමනාකාරිත්වයක් තුළ සාර්ථක ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරලා. ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය ධනයි. අපේ රටේ ඍණ. මේ සියල්ලටම හේතුව එක පවුලක සාමාජික කොට්ඨාසයක් තීන්දු ගන්නවා මේ රටේ ලක්ෂ 220 ක ජනතාවගේ අනාගතය වෙනුවෙන්. ඒ තීරණ ගන්නේ පොදු ජනතාව වෙනුවෙන් නෙමෙයි. ඒ තීන්දු ගන්නේ තමන් වෙනුවෙන්.

විශේෂ සහන පැකේජයක් ලබා දෙනවා කියලා ප‍්‍රසිද්ධියට පත් කළා. මේ තුළින් සැබැවින්ම මිනිසුන්ට සහනයක් ලැබෙන්නට නම් ඒ සහන පැකේජය ලබා දෙන අරමුදල් උද්ධමනයට සාපේක්ෂව, ජීවන වියදම වැඩි වීමට සරිලන ආකාරයට සෑහෙන සහනයක් ලබා දෙන්න ඕනි. නමුත් එසේ කරලා නැහැ. මුදල් බිලියන ගානක් අච්චු ගහලා ජනතාවට බෙදනවා. ඒ කියලා කියනවා කොපමණ සහන දුන්නත් අද රුපියල රුපියලේ වටිනාකම අඩු වෙලා තියෙනවා. රුපියලේ ක‍්‍රය ශක්තිය අඩු වෙලා. මෙවන් තත්ත්වයක් තුළ එදා රුපියල් දාහට යම්කිසි බඩු ප‍්‍රමාණයක් ගත්තනම්, අද ඒ රුපියල් දාහටම ගන්න වෙන්නේ ් සොච්චම් බඩු ප‍්‍රමාණයක් පමණයි. හැම දෙයක්ම ගණන් වැඩි වෙලා. මෙතන වරද තිබෙන්නේ මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ. සමගි ජන බලවේගයේ අප සතුව ඉන්නවා මෙරටත්, ජාත්‍යන්තරයේත් ඉතාමත් බුද්ධිමත්, උගත් ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් දක්ෂයෝ කණ්ඩායමක්.

මේ දිස්ත‍්‍රික්කයට කැබිනට් ඇමැතිකමක් ලබා නොදීමත් ආණ්ඩුවේ වරදක්. වැඩ කරන්න පුළුවන් කැබිනට් ඇමැතිකමක් මේ දිස්ත‍්‍රික්කයට සමගි ජන බලවේගයෙන් ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒ ඇමැතිධූර සුර සැප විඳින්න නෙවෙයි. ජනතා සේවයේ යෙදෙන්න. රාජ්‍ය සංචාර, නිවාඩු සංචාර බවට පත් වුණු කාලය ඉවරයි, හැම විදේශීය සංචාරයකම ධනාත්මක එකතුවක් රටට එන්න ඕනි. අපි විනයක් ඇතුව පොදුජන සේවාව ඉෂ්ට කරන්න කරන්න සැදී පැහැදී ඉන්න ඕනි.

advertistmentadvertistment
advertistmentadvertistment