මුදල් අච්චු ගැසීම ඇතුළු කරුණු 5ක් නිසා මෙරට ආර්ථිකය අර්බූදයකට ලක්වෙලා – පාඨලී චම්පික රණවක

187

අලූතින් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම ඇතුළු කරුණු 05 ක් හේතුවෙන් මේ වන විට මෙරට ආර්ථිකය දරුණු අර්බුදයකට ලක්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මුදල් අච්චු ගැසීම, ඩොලර් සංචිත ණය ගෙවීමට භාවිතා කිරීම, පිටරටින් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ගෙන්වීම පාලනය, රසායනික පොහොර තහනම ජනතාවගේ ආදායම් උදුරා ගැනීම යන කාරණා හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට පත්ව සිටින බවද හෙතෙම පැවසීය.

මෙම කරුණු හේතුවෙන් පෝලිම් යුගය නැවත ඇතිවී රට විශාල අර්බුදයකට ඇද දමා ඇති අතර මීට හොඳම විසඳුම පවතින වසංගතය පාලනය කිරීම විශේෂඥයන්ට භාර දීම යැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඊට අමතරව, ආර්ථිකය කළමනාකරණය කිරීමට විiාත්මකව සිතන දූෂිතයන් නොවන පිරිසකට රට භාරදිය යුතු බවද විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (30 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment