මුදල් අච්චු ගැහිල්ල උද්ධමනයට බලපෑමක් නැහැ… මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්

677

විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් සිදුව නැති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

එසේම ආර්ථිකයට මුදා හරින මුදල් නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරන බවත් එසේම උද්ධමන පීඩනයක් මතුවන අවස්ථාවලදී ඊට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

අවශ්‍යතාවය පරිදි විවිධ අවස්ථාවල මුදල් අච්චු ගැසීමට සිදුවෙනවා. ඒවා අවශ්‍ය විටෙක නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරනවා. ඒවා සාමාන්‍යයෙන් සිදුවන තාක්ෂණික කරුණු ලෙස සඳහන් කළ හැකියි. ඒවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට මහ බැංකුව සිදු කරයි. එහෙත් අප යන ආර්ථික දිශානතිය පැහැදිලි කරන්න කටයුතු කරනවා.

මුදල් නිකුත් කිරීම් නිසා තවම උද්ධමනයට අවදානමක් මතුව නැහැ. අපි අවදානමක් වෙනව කියල අපේක්ෂා කරන අවස්ථාවක ඒ ගැන කටයුතු කරන්න සූදානම්.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment