මුදල් අමාත්‍යංශය ඩොලර් යතුර අතහැරලා

352

විදේශ ගත වන අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ට ගමන් වියදම් වශයෙන් ඩොලර් ලෙස ගෙවනු ලබන මුදල් ප්‍රමාණය වහා අඩු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දන්වා ඇතත් මුදල් අමාත්‍යාංශය විසින් එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.

එවැනි විදේශ රාජකාරි කටයුත්තක් සඳහා විදේශ ගතවෙද්දී එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානියාට ඩොලර් 500 ක මුදලක් හිමිවේ.

රජයේ වියදම් අඩු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව එම මුදල් ප්‍රමාණය වහා අඩු කරන ලෙස දන්වා ඇත්ත එම දැන්වීම මුදල් අමාත්‍යාංශය විසින් මෙතෙක් ඉටු කර නැතැයි රජයේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඊට ප්‍රධාන හේතුවක්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි දිනවලදී දින 10 ක කාලයක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සංචාරයක නිරතවීමට නියමිතව තිබීම විය හැකි බවත් ඉහත නිලධාරියා සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment