මුදල් ඇමැතිකෙනෙක් නැත්නම් රට අඳුරේ

621


කඩිනමින් කැබිනට් මණ්ඩලයක් පත්කර මුදල් ඇතිවරයෙක් නම් කරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා ආරම්භ නොකළහොත් ජුනි මාසයෙන් පසු රට දරුණු අර්බුදයකට ලක්වන බව ලංකා වාවිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.මුල්‍ය උපදේශකයකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුුදල සමග මේ සතියේ සාකච්චා ආරම්භ නොකළහොත් ණය ප‍්‍රතිව්‍යුහගතකර ගැනීමට නොහැකිවන බව ද පවසයි. එවිට ණය ගෙවීමට ඩොලර් සංචිත වැය කළ පසු මෙරටට කිසිවක් ආනයනය කරගැනීමට මුදල් නොමැති බවන බවත් එවිට ඉන්ධන,ඖෂධ ,ගෑස් ඇතුළු කිසිවක් නොමැතිව රට අඳුරට පත්වන බවත් ඒ මහතා පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්චා කිරීමට මුදල් ඇමැතිවරයෙක් අවශ්‍ය බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment