මුදල් ඇමැතිටත් හොරෙන් ආයෝජන මණ්‌ඩලයට නිලධාරීන් බඳවාගෙන

497

රජයේ බඳවාගැනීම් හා වෙනත් වියදම් නවතා දමන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දැනුවත් කර තිබියදී ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 ක් බඳවාගෙන ඔවුන්ට ලක්‍ෂ 200 ක පමණ වැටුපක් ගෙවීමට කටයුතු කරමින් සිටින බව එහි සේවකයන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු කැබිනට් ඇමැතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දී ඇත.

 මේ වනවිටත් රුපියල් ලක්‍ෂ 09 ක් වැනි වැටුපකට දැනුමක් හා පළපුරුද්දක් ඇතැයි පවසමින් බඳවාගෙන සිටින නිලධාරීන් සිව්දෙනකුට ආයතනයේ දැනට සේවය කරන නිලධාරීන්ට ඇති දැනුමවත් නැතැයි ලිපිය මගින් පෙන්වා දී තිබේ.

 පවතින කොවිඞ් තත්ත්වය හමුවේ ආයෝජන මණ්ඩලයට වසර එකහමාරක පමණ සිට කිසිදු ආයෝජන ව්‍යාපෘතියක් ගෙන්වා ගැනීමට අසමත් වී සිටින අවස්ථාවක මසකට රුපියල් ලක්‍ෂ 200 ක පමණ වැටුපක් ගෙවා අලූතින් පිරිසක් බඳවාගන්නේ කුමකට ද යන්න එම සේවකයෝ ප‍්‍රශ්නකර සිටිති. මෙම පිරිසට පහසුකම් සැපයීම සඳහා 24 වන මහල රුපියල් ලක්‍ෂ 80 ක වියදමින් අලූත්වැඩියා කිරීමට ද අනුමැතිය ලබාගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment