මුදල් ඇමැති ගෙදර යන්න – ධම්මිකගෙන් රනිල්ට අභියෝගයක්

317

කිසිම සැලැස්මක් මුදල් ඇමැතිට නැහැ

මුදල් ඇමැතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු යැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පවසයි. මින් එහාට රට විනාශයකට ගෙන යෑමට තමා ඉඩ නොතබන බවත් මුදල් ඇමැතිවරයාට රට වෙනුවෙන් අනාගත අරමුදල් ප්‍රවාහ සැලසුම් නැති බවත් ඔහු සඳහන් කළේය.

රටට ඩොලර් ඉපයීම, ඩොලර් ණයට ගැනීම, අන්තර්කාලීන මූල්‍ය පහසුකම් ලබාගැනීම, පවතින ණය ආධාර වැඩසටහන් (ක්‍රෙඩිට් ලයින්) සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ණය පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු කාරණා මුදල් ඇමැතිවරයා ප්‍රමාද කරමින් සිටින බවද ධම්මික පෙරේරා මහතා චෝදනා කරයි.

මේ හේතු නිසා මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි තමා සිතන බවද ධම්මික පෙරේරා ඇමැතිවරයා කීවේය.

මෙතැනින් එහාට මේ අරගලය ගෙනියන්න බෑ. ඒ නිසා මම හිතනවා මුදල් ඇමැති මෙතැනින් එහාට මම එළියේ ඉන්නේ. එයා ඉල්ලා අස්නොවුණොත් මම මාධ්‍යයට කියනවා. මම මාධ්‍යයටත් නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනය අනුව එයාගේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කියන ඔය දහයක් විතර අයට විවෘත මාධ්‍ය විවාදයකට එන්න කියල කියනවා. එතකොට මේ කරන වැඩ මම එකින් එකට කියන්නම්. එයාට සැලසුම් නෑ කියල මම කියල තියෙනවා. එයාට පුළුවන්නම් ඇවිල්ලා උත්තර දෙන්න. මොකද මේ රට මෙතැනින් එහාට විනාශයකට ගෙනියන්න මම ඉඩ තියන්නේ නෑ. ඒ නිසා මම එයාට අභියෝගයක් කරනවා. මාධ්‍යයටත් අභියෝගයක් කරනවා ගේන්න එළියට. එළියට ගෙනැල්ල මම ලෑස්තියි කිසිම කොලයක් නැතිව මුදල් ඇමැතිවරයා එක්ක ඒ වැඩේ කරන්න. මම ඒක කළා 2019 හිල්ටන් හෝටලයේ ‘ෆයර් චැට්’ කියන වැඩසටහනකදී. එයා එදත් පැනල දිව්වා. මම ආයි අභියෝග කරනවා. එන්න කියල මගෙත් එක්ක ඒ වගේ විවාදයකට.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment