මුදල් ඇමැති මම ම තමයි: ජනාධිපති අවංකයි: අලි සබ්රි කියයි

496

නිලධාරීන් වැරදි උපදෙස් දෙන්න ඇති

තමන් මුදල් ඇමැති ධුරයෙහි කටයුතු කරන බව හිටපු ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) කීය.

මුදල් ඇමැතිධුරය භාර ගැනීමට සුදුසු කෙනෙකු සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වීමට තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළද කිිසිදු අයෙකු ඒ සඳහා ඉදිරිපත් නොවූ බැවින් තමන් මුදල් ඇමැති ලෙස කටයුතු කරන බව හෙතෙම කීය.

මෙම තීරණය හේතුවෙන් තමා දේශපාලන වශයෙන් අපකීර්තියට ලක්වුවද ජනාධිපති සහ පක්‍ෂය අත් නොහැර ඉදිරි කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා අවංක අයෙක්, සමහර විට නිලධාරීන්ගෙන් වැරදි උපදෙස් ලැබෙන්න ඇති, එහෙත් ජනාධිපති දුන් පොරොන්දු ඉටු කිරීමට කැපවනවා යැයිද හෙතෙම කීය.

මේ අතර මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට අලි සබ්රි මහතා මීට පෙර ගත් තීන්දුව ජනාධිපති විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment