මුදල් ඇමැති මුකුත් කියන්නේ නෑ – රටේ ආර්ථිකය ගැන කතා කරන්න  – දින දෙකක විවාදයක් ඕනෑ – ලක්‍ෂ්මන් කිරිඇල්ල

117

ආර්ථික තත්ත්වය සම්බන්ධව මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කතා නොකරන බැවින් ආර්ථිකය ගැන කතා කිරීමට දින දෙකක විවාදයක් අවශ්‍ය යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා* ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, මුදල් ඇමැතිවරයා රටේ ආර්ථිකය වැටෙන්නට නොදී ඉතා දක්‍ෂ ලෙස අමාත්‍යාංශය මෙහෙයවන බව කියා සිටියේය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – රටේ වත්මන් තත්ත්වය ගැන සමගි ජන බලවේගය විවාදයක් ඉල්ලා තිබෙනවා. අපට දින දෙකක විවාදයක් අවශ්‍යයි. රටේ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් මුදල් ඇමැතිතුමා රටේ ආර්ථිකය ගැන කිසිදු ප‍්‍රකාශයක් කරන්නේ නෑ. එතුමා පත්තරවලට කතා කරනවා. වොයිස් කට් දෙනවා. නමුත් පාර්ලිමේන්තු ඇවිත් කතා කරන්නේ නෑ. අපි දන්නෑ දැන් මොකද වෙන්නේ කියලා. උදය ගම්මන්පිල ඇමැතිතුමා කිව්වා කොවිඞ් නිසා නොවෙයි, මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ කියලා. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡුා කළ යුතුයි.

නියෝජ්‍ය කථානායක –  පක්‍ෂ නායක රැස්වීමේදී අපි ඒ පනත ගැන කතා කරමු

ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා – මෙතුමා මුදල් ඇමැතිතුමාට චෝදනා කළා. මේගොල්ලෝ ජනවාරි 01 දා සූදානම් වෙලාහිටියේ රටේ ආර්ථිකය ඉවරයි කියලා කියන්න. ආර්ථික විශේෂඥයෝ උපදෙස් දුන්නේ මෙතුමන්ලාට. මේ ගොල්ලෝ තාවකාලික සතුටක් ලබන්න යනවා. නමුත් මේ රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නෑ. මුදල් ඇමැතිතුමා ඉතාම දක්‍ෂ ලෙස තම අමාත්‍යාංශය මෙහෙයවනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment