මුදල් කමිටුවට මහ බැංකු අධිපති නෑ මුදල් ඇමැති නෑ – හර්ෂ ද සිල්වා

202

දැනට රට තුළ පවතින ආර්ථික ගැටලූ ඉතා කෙටි කලක් ඇතුළත නිරාකරණය කිරීමට ආණ්ඩුව සැලසුම් කි‍්‍රයාත්මක කර ඇතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්‍ෂය බොරු ප‍්‍රචාර යවමින් බැංකු පද්ධතිය කඩාදැමීමට උත්සහ කළත් රාජ්‍ය බැංකු පද්ධතිය ඉතා ශක්තිමත්ව පවතින බව ද මන්තී‍්‍රවරයා කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (24 දා) පෙරවරු 10.00 ට රැුස්විණි.

නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27 (2) යටතේ පක්‍ෂ නායකයන් විසින් ප‍්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව දිනට නියමිත වූ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ දිනට නියමිත විවාදය ඇරැුඹිණි.

විවාදය ආරම්භ කරමින් පත්කළ මන්තී‍්‍ර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා (ශී‍්‍ර.ල.පො.පෙ.)

ආණ්ඩුවට ලැබෙන ආදායම්වලින් සියයට 70 ක් අපි ලබාගත් ණය සහ වාරික ගෙවන්න වැය කරනවා. වැටුප් ගෙවීම සඳහා සියයට 58 ක් වැය කරනවා. ඒ අනුව සියයට 28 ක පරතරයක් අපි දකිනවා. අපි 2022 වසර වන විටත් අයවැය හිඟයක් පවත්වාගෙන යනවා. අපිට මේක නතර කරගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. අපේ අදායම රුපියල් බිලියන 1500 ක් ලබන විට වාර්ෂික වියදම රුපියල් බිලියන 3500 ක් වෙනවා. අපිට හැම මසකටම රුපියල් බිලියන 167 ක් ණයට ගන්න වෙනවා. මේක තමයි අප මුහුණදීලා තිබෙන ඇත්ත තත්ත්වය. අපි ණය නොගත්තොත් කාල, ඇඳල විතරක් ඉන්න වීමෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් අපට කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපට සමහර බදු සංශෝධනවලට යන්න සිදුවෙනවා. අපිට අපේ බදු ප‍්‍රතිශතය සම්බන්ධයෙන් සංශෝධන ගේන්න වෙනවා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් මහතා (ජාජබ) –

මේ ආණ්ඩුව ජනතාවගෙන් පලිගන්නවා, විවිධ පෝලිම් හදලා. තමන්ට ඡුන්දෙ දීපු ජනතාවගෙන් විතරක් නොවෙයි, දෙකෝටි විසිලක්‍ෂයෙන්ම ආණ්ඩුව පලිගන්නවා. පාලකයෝ නාස්තිය, ¥ෂණය අඩු කරලා නෑ. හොරකම එහෙමමයි. ඒවා එහෙමම කරගෙන යන ගමන් ආණ්ඩුව ජනතාවට දොස් කියනවා. ලෝක ආර්ථිකය ගැන කියනවා.

ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ඉතියෝපියාවේවත් නෑ. මේ ආර්ථිකය වත්මන් පාලකයෝ කඩාවැට්ටුවා. ණය ප‍්‍රමාණය වැඩිවෙනවා. වත්මන් ජනාධිපතිවරයා ණය ටි‍්‍රලියන 28 දක්වා වැඩි කරලා. මේ ටි‍්‍රලියන 28 න් ටි‍්‍රලියන 08 ක්ම අරගෙන තිබෙන්නේ

පසුගිය අවුරුදු තුනේ. ටි‍්‍රලියන 21 යි ණය තිබුණේ. මේ ගත්තු ණය වලින් මොකද කළේ. එක හාල් මෝලක්, කිරිපිටි කම්හලක් පටන් ගත්තද අර ඩඞ්ලි සිරිසේන මහතා හමුදාවේ සාජන් කෙනෙක්. ඔහුට පිළිවන් වුණා රටේම හාල් වෙළෙඳපොළ අතට ගන්න නමුත් ආණ්ඩුවට මොකුත් කරන්න බැරි වුණා.

පත් කළ මන්තී‍්‍ර තිස්ස අත්තනායක (සජබ)

අද ආහාර සුරක්‍ෂිතතාවය ගැන බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ආණ්ඩුව ගත් වැරදි තීරණ නිසයි. අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලූවකුත් නැහැ වගේ.

එදා විපක්‍ෂය විදේශ ආයෝජන ගැන විශාල බිල්ලො මැව්වා. එදා එම්. සී. සී. ගිවිසුම ආවානම් ඩොලර් මිලියන 900කට වඩා ලැබෙන්න තිබුණා. එදා විපක්‍ෂයේ බොරුව නිසා ඩොලර් අහිමි වුණා. මේ ව්‍යාපෘතිය නේපාලයට ගියා. මේ තත්ත්වයට එදා විපක්‍ෂය වගකිව යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එදා ගියා නම් මේ ප‍්‍රශ්නය ගොඩක් සමනය වෙන්න තිබුණා. දැන් ගියාට පලක් නැහැ. ඒ වගේම ඩොලරය යටකරගෙන තිබුණා. දැන් එකවර අතහැරිය නිසා විශාල ලෙස බඩු මිල ඉහළ ගියා.

රුපියල් ටි‍්‍රලියන 3 ක් මේ වනවිට ආණ්ඩුව අච්චු ගහලා. උද්දමනයට සෘජුව එය බලපාලා. උද්ධමනය සියයට 30 දක්වා වැඩිවෙලා. මේ තත්ත්වය තේරුම් ගෙන වහාම අවශ්‍ය පියවර ගත යුතුයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) –

මේ සංශෝධන පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතුයි. මහ බැංකුවේ අධිපති හා මුදල් මණ්ඩලයේ පිරිස් ඒ කමිටුවට ආවේ නැහැ. ඔවුන් එන්නේ නැහැ කියලා උදේ ෆැක්ස් එකක් එවලා. පාර්ලිමේන්තුව හෑල්ලූ කළා. මුදල් ඇමැති ඇවිත් ප‍්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැහැ. කාටද මේවා කියන්නේ.

ඩොලර් අර්බුදය නිසා රාජ්‍ය බැංකුවක් අවදානමට ලක්වෙලා. කවුද මේවාට උත්තර දෙන්නේ.

අපිට ආරංචියක් තියෙනවා රජයේ බැංකුවක් කඩාවැටිලා කියලා අද උදේ. කරුණාකරලා වහාම ඒ ගැන හොයලා බලන්න.

ඩොලරය රුපියල් 200ට වඩා විකුණන්න බැහැ කියලා වැරදි නීතියක් දාලා තිබුණා. බැංකුවලට කළුකඩෙන් ඩොලර් ගන්නත් බැහැ. හැබැයි බැංකුවට ඩොලර් ඕනේ. සමහර බැංකු 200ට ඩොලරය ගත්තා මාස 3කින් 180 ට විකුණන පොරොන්දුවෙන්. මම කිව්වා මේක අවදානම්, බැංකු පද්ධතිය කඩාවැටෙයි කියලා. සත පහකට ගණන් ගත්තෙ නැහැ. මේ වෙලා තියෙන දේ ඇත්ත නම් එය ව්‍යසනයට මුල. අද ඩොලරය 285 යි. මේ බැංකුවල තියෙන්නේ කබ්රාල්ගෙ සල්ලි ද. වැඩ කරන ජනතාවගේ සල්ලි.

මේවාට උත්තර දෙන්න එන්නෙ නැත්නම් කාගෙන්ද අපි මේවා අහන්නේ. පාර්ලිමේන්තුව මේ විදිහට හෑල්ලූ කරන්නේ ඇයි.

සර්වපාක්ෂික සමුළුවලට නෛතික තත්ත්වයක් නැහැ. පාර්ලිමේන්තුවටයි සියල්ල නීතියෙන්ම ලැබී තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව සූදානම් නැත්නම් රට අගාධයට යෑම වළක්වන්න බැහැ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අශෝක් අබේසිංහ (සජබ)

අපේ අටේ ආදායම අඩු කළේ වත්මන් ආණ්ඩුවයි. ආපු ගමන් බදු කපලා කෝටි 600 ක් අඩු කර ගත්තා. විදේශ ණය වැඩි කළේ මහින්ද රාජපක්ෂ රජයයි. පසුගිය රජය ණය ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය

ගෙවන්නයි.

රාජ්‍ය ආයතන 39 ක් ප‍්‍රතිව්‍යුහගත කරන්න යනවා. මෙයට ගමනාගමන මණ්ඩලය, ගුවන් සේවා අධිකාරිය, ශී‍්‍ර ලංකන් එයාර් ලයින්, දුම්රිය සේවය ආදිය ඇතුළත්. රජයේ දේපළ විකුණන්න තීරණය කරලා. මෙයට හේතුව එක පවුලක් රට පාලනය කිරීමයි. මේ වනවිට රට විශාල අර්බුදයකට මේ ආණ්ඩුව යවලා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් (සජබ)

අද ආණ්ඩුවට ඡුන්දය දුන් අයත් ආණ්ඩුවට යන්න කියනවා. සර්වපාක්ෂික කමිටුවලට නීතිමය බලයක් නැහැ. මුදල් ඇමැති කළ යුත්තේ පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රශ්න විසඳීමට සියලූ දෙනාගේ සහාය ලබා

ගැනීමයි.

සර්වපාක්ෂික සමුළුවත් දේශපාලන ගේම් එකක් ගහන තැනක් බවට ආණ්ඩුව පත් කර ගත්තා. මේ රටේ ඩොලර් අර්බුදයේ මූලිකයා මහ බැංකුවේ අධිපතිවරයායි. ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුළත ඩොලරය රුපියල් එකසිය විසිපහකින් වැඩි කරලා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නලින් ප‍්‍රනාන්දු (ශී‍්‍රලපොපෙ)

ලබාදුන් බදු සහන නිසා ආර්ථිකය කඩාවැටුණු බව විපක්ෂය කියනවා.

2015 ආණ්ඩුවත් ආපු ගමන් බදු ප‍්‍රතිපත්තිය වෙනස් කළා. අපි ආනයන අඩු කරලා දේශීය කර්මාන්තකරුවාට නැගිටීමට අවස්ථාව ලබා දුන්නා. එහි ප‍්‍රතිඵල අපට ලැබුණා. දේශීය ව්‍යාපාරිකයන් ආයෝජනය කළා. ආණ්ඩුව හොඳ පියවරක් ගත්තා.

රාජ්‍ය ඇමැති ඞී. වී. චානක

පසුගිය ආණ්ඩුව රටේ ව්‍යාපාර කඩාවට්ටලා, ආරක්ෂාව බිඳ දමලා, තරුණ විරැුකියාව සියයට 28 දක්වා වැඩි කරලා, උද්ධමනය වැඩි කරලා, ඩොලර් සංචිතය නැති කරලා මුළු රටම වැටිච්ච තැනකට පත් කළා. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ඒ වැටිච්ච රට නැගිට්ටවන්නයි මුලින්ම පියවර ගත්තේ. බැංකු පොලිය අඩු කළා. බදු සහන ලබා දුන්නා. ඒ වැටිච්ච ආර්ථිකය නැගිට්ටවන්නයි. වැට් බද්ද සියයට 15 සිට 10ට අඩු කළා. කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට තිබූ සම්පූර්ණ බදු ඉවත් කළා. ව්‍යාපාරවලට සහන දුන්නත් කොවිඞ් නිසා රට වහන්න වුණා. එයින් ව්‍යාපාරිකයන්ට දැඩි බලපෑම් එල්ල වුණා.

කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කබීර් හෂීම් (සජබ)

ජාතික ආර්ථික ව්‍යසනයට පමණක් නොව ජාතික ආරක්ෂාව පාවා දීමට ආණ්ඩුව පෙලඹී සිටිනවා ආණ්ඩුව දේශපේ‍්‍රමය පතුරුවලා ඡුන්ද ලබා ගත්තේ.

අද ආර්ථිකය විනාශ කළා සේම ජාතික ආරක්ෂාවත් නැති කිරීමට කි‍්‍රයා කරනවා. මුදල් ඇමැති ඉන්දියාවෙන් මොන කොන්දේසිවලට මුදල් ගන්නවාද දන්නේ නැහැ. ඉන්දියාව කරන උදව්වලට කෘතඥතාව දැක්විය යුතුයි.

රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර

රාජ්‍ය බැංකු පද්ධතිය එල්ල කරගෙන විපක්ෂය අසත්‍ය චෝදනා එල්ල කරනවා. මේ අභියෝග ජය ගැනීමට සෑම තීරණයකටම එකට සිටිය යුතුයි. විපක්ෂයේ අභියෝග රට අරාජිකත්වය කරා ගෙන යෑමට ඉඩ සලසනවා. රාජ්‍ය බැංකු ගැන බොරු කියලා ජනතාව තුළ සැකයක් ඇති කරවනවා. එහි බලපෑම මුළු රටටම බලපානවා. රටේ පවතින අභියෝගය අර්බුදයක් බවට පත් කිරීමට විපක්ෂය ගන්නා උත්සාහය පරාජය කරනවා.

පසුගිය අවුරුදු 5 දී වසරින් වසර ආර්ථික වර්ධන වේගය පහළට යැව්වා. ඇෆ්ගනිස්තානයත් අපට ඉදිරියෙන් හිටියේ. අපේ කලාපයේ රටවල් 2015 න් පසුව ආර්ථිකය ඉදිරියට යන්න පියවර ගෙන තිබුණා. ඒත් අපේ රටේ එහෙම වුණේ නැහැ. 2019 න් පස්සේ රට වහන්න කියලා බල කළා. කර්මාන්ත වැස්සෙව්වා. ඒවා ආර්ථිකයට බලපෑවා.

රට අස්ථාවර කරන විපක්ෂයක් සිටීම ගැන කනගාටු වෙනවා. රට ගොඩනැඟීමට කිසිම වැඩපිළිවෙළක් නැති නිසයි විපක්ෂයේ සමහර පක්ෂ සර්වපාක්ෂික සමුළුවට ආවේ නැත්තේ.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

විදේශ විනිමය අර්බුදයේ නිර්මාතෘවරු

පසුගිය ආණ්ඩුවයි. ආණ්ඩුව බලයට ඇවිත් දින 27 කින් මහ බැංකුව කොල්ල කෑවා. ඒ සල්ලිවලින් ඡුන්ද කළා. වෙනත් රටවලට

ගෙවිය යුතු ණය ප‍්‍රමාණය වැඩි කළා. විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. එය විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා. ගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික කි‍්‍රයාකලාපයට අද ජනතාවට වන්දි ගෙවන්න වෙලා. අපි ඒවා විසඳනවා. රාජ්‍ය බැංකු පද්ධතිය ඉතා ශක්තිමත්ව පවතිනවා. විදේශ විනිමය ගැටලූව විසඳා ගැනීමට අපි යම් පියවර ගන්නවා. එහෙත් රාජ්‍ය බැංකු කඩාවැටීමේ කිසිම අවදානමක් නැහැ.

ඉතාම කෙටි කාලයක් ඇතුළත ගෑස් හිඟය සම්බන්ධයෙන් ඇති ප‍්‍රශ්නය නිරාකරණය කරනවා. අද දිනකට සිලින්ඩර් ලක්ෂයක් පමණ නිකුත් කරනවා

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත හා දේශීය ආදායම් පනත යටතේ වන යෝජනා අනුමත විය.

පාර්ලිමේන්තුව අද (25 දා) පෙරවරු 10.00 ට යළි රැස් වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment