මුදල් ගැනීමේ බලාපොරාත්තුව සුන් වී කෝපවූ තරුණයා ඒටීඑම් යන්ත්‍රයට පහරදීලා

186

ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට පහරදී රුපියල් 7,50,000ක පමණ අලාභයක් සිදුකළ බව කියන තරුණයකු 6 වැනිදා අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මඩවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මෙකී ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීම සඳහා ඉකුත් 05 වැනිදින රාත්‍රිගොස් ඇත. මුදල් ලබාගැනීමට නොහැකිවීම නිසා ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභහානි සිදුකොට ඇති බව ගාල්ල පොලිසිය පවසයි. අදාළ රාජ්‍ය බැංකුව විසින් ගාල්ල පොලිසියට කරණු ලැබු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment