මුදල් තෑගි දෙන්න ඇමැති මණ්ඩලයේ අනුමැතිය

163

ටෝකියේ පැරාලිම්පික් පදක්කම් ජයග‍්‍රහණය කළ දිනේෂ් පි‍්‍රයන්තට සහ සමිත දුලාන්ටත් ඔවුන්ගේ පුහුණුකරුවාටත් ලබාදීම සඳහා ජාතික ක‍්‍රීඩා සභාවෙන් නිර්දේශ කරන ලද ත්‍යාග මුදල පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඊට අදාළ යෝජනාව තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා (07 වැනිදා) ඉදිරිපත් කර ලැබ තිබිණි. ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග ජයග‍්‍රහණයන් වෙනුවෙන් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා අවශ්‍ය නිර්ණායක හා හිමිවිය යුතු තෑගි මුදල් ත්‍යාග ජාතික ක‍්‍රීඩා සභාව විසින් නිර්දේශ කරනු ලබයි.

ඒ අනුව දිනේෂ් පි‍්‍රයන්ත හේරත්ට රුපියල් කෝටි 5 ක්ද, සමිත දුලාන්ට රුපියල් කෝටි දෙකක්ද ඔවුන්ගේ පුහුණුකරුවා වන ප‍්‍රදීප් නිශ්නාත මහතාට රුපියල් එක්කෝටි හැත්තපන් ලක්‍ෂයක් ද පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment