මුදල් ලේකම්ට එරෙහිව අධිකරණයට පෙත්සමක්

140

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනාකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment