මුදල් ලේකම් මැකො වෙත නොගිය හේතුව

97


අද පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම නිසා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට නොහැකිවූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අද මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී දී තිබුණ ද ඔහු ඊට සහභාගීවී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment