මුදල් වංචාකර හිරේ ගිය කාන්තාවකගෙන් බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම්

1506

මුදල් වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින කාන්තාවක් විසින් විවිධ දේශපාලන සබඳතා යොදා ගනිමින් බන්ධනාගාර පරිපාලනයට සිදුකරන බලපෑම් හමුවේ බන්ධනාගාර නිලධාරීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

වත්මන් රජයේ දේශපාලනඥයන් සමග පවතින සබඳතා පිළිබඳ සඳහන් කරමින් තමන්ට විශේෂ වරප‍්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා මෙම කාන්තාව ඉහළම බන්ධනාගාර නිලධාරීන්ට පවා බලපෑම් එල්ල කරනු ලබන බවද බන්ධනාගාර නිලධාරීහු පවසති.

මීට දින කිහිපයකට ඉහතදී මෙම කාන්තාව සන්තකයේ තිබී නවීන ජංගම දුරකථනයක්ද බන්ධනාගාර බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතත් මෙසේ දේශපාලන සබඳතා යොදා ගනිමින්
බන්ධනාගාර පරිපාලනයට ඇය සිදුකරන බලපෑම් හමුවේ ඇයව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමටද නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද බන්ධනාගාර නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment