මුදල් සහ පොලිස් ආරක්‍ෂාව දෙන තෙක් ඡන්ද මුද්‍රණ වැඩ බෑ – මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ

243

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා මුදල් සහ පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් නැවත ලිඛිතව ඉල්ලීමක් කළ බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (8 දා) පැවසුවාය.

එම ආයතන දෙකෙන් පිළිතුරක් ලැබෙන තෙක් මුද්‍රණ කටයුතු සිදුකර ගෙන යෑමට අපහසු බවද ඇය කීවාය. පසුව මුදල් ලබාදෙන බවත් එතෙක් මුද්‍රණ කටයුතු සිදුකර ගෙන යන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ලදහොත් ඒ අනුව කටයුතු සිදුකර ගෙන යා හැකි බවත් ඇය කීවාය. එසේ කිරීමට පෙර පොලිස් ආරක්‍ෂාව ලබා දියයුතු බවද ඇය කිවාය. මැතිවරණ කටයුතුවල මුද්‍රණ කටයුතු සිදුකර අවසන් වනතෙක් පොලිස් නිලධාරීන් 60ක් ඉල්ලා තිබෙන බව ද ඇය කීවාය.

පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 17කට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත් ඒවා නැවත ගණනය කිරීමක් සිදුකළ යුතු බවත් ඇය පැවසුවාය. ඉතිරි දිස්ත්‍රික්ක කිහිපයේ සහ තැපැල් ඡන්දයට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දින 05ත් 07ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව ද ඇය කීවාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment