මුදල් සහ රත්තරන් ඉදිරියේ නොසැලුන මනුස්සකම

371

පස්සර මඩොල්සිම මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටි තැනැත්තියකට අයත් මුදල් පසුම්බිය සහිත අත්බෑගයක් හමු වූ පුද්ගලයකු එය පස්සර පොලිසිය වෙත බාර දුන් පසු අදාළ තැනැත්තිය වෙත යළි බාර දීමට කටයුතු කර තිබේ.

රුපියල් 370,000ක් වටිනා රන් ආභරණ සහ මුදල් රුපියල් 28,000ක් බෑගය තුළ තිබූ බව ස්ථානාධිපති ප්‍ර. පො. පරීක්ෂක පියරත්න මහතා පැවැසීය.මෙතරම් වටිනාකමක් ඇති දේපළක් යළි ලබා දීමට ක්‍රියා කළ පුද්ගලයා පැසසූ පොලිස් ස්ථානාධිපතිවරයා මෙවැනි ගුණගරුක පුද්ගලයන් සමාජයට බෙහෙවින් වටිනා බව පැවැසීය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment