මුදලිගේ ඇතුළු සරසවි සිසුන් 62ට ඇප

83

තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 62 දෙනා ඊයේ (27දා) කඩුවෙල මහෙස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

මෙලෙස ඇප මත මුදාහැරියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂය භික්ෂූන් 48 දෙනකු ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 62 දෙනකුගෙන් යුත් පිරිසක්ය.

මෙම පිරිස ඉකුත් 24 වැනිදා පොලිසිය මගින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (27 දා) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියහ.
කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment