මුදලිගේ නිදහස් කිරීමේ නියෝගය බල රහිත කරන්න – නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක්

125

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ චෝදනාවලින් නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් පසුගිය ජනවාරි 31 වැනිදා නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් පසුගියදා (10 දා) ගොනුකළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකරුට නීතිපති උපදෙස් නොමැතිව ඇප දීමට හෝ මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිමය බලයක් නොමැති බවත්, එසේ තිබියදී සිය නීතිඥවරුන් ඉදිරිපත් කළ විරුද්ධත්වය නොතකා එම නඩු කටයුත්තෙන් ඔහු නිදහස් කිරීම නීතියට පටහැනි බවත්, එමගින් පෙන්වා දී තිබූ නීතිපතිවරයා එබැවින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය බල රහිත කර නඩුව පෙර පැවති තත්ත්වයෙන් ම පවත්වාගෙන යෑමට නියෝගයක් නිකුත් කරන්නැයි එමගින් ඉල්ලා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියේදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පුරා දින 167 ක් රැඳවුම්භාරයේ හා රක්‍ෂිත සිර භාරයේ සිටි වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කොට තිබුණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment