මුදලිගේ බේරගන්න උද්ඝෝෂණ වැලක් – ජිනරතන හිමි කියයි

137

ත්‍රස්ත පනත යටතේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කර ගැනීම සඳහා ඉදිරි සතිය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර ශිෂ්‍ය සංගම්, තානාපති කාර්යාල දැනුවත් කර දීපව්‍යාප්තව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකිරීමට දැනටමත් සාකච්ඡා කරන බව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියෝ ‘දිවයින’ට පැවසූහ.

වසන්ත මුදලිගේ මහතා සමස්ත ශිෂ්‍ය පරපුර වෙනුවෙන්ම දඬුවම් විඳින හිතකාමී සහෝදරයකු යැයි උන්වහන්සේ සඳහන් කළහ.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment