මුදලිගේ යළි රිමාන්ඩ්… මුදලිගේ නිදහස් කරන්නැයි නිහඬ විරෝධතාවක්….

71

පසුගිය මැයි මස කොළඹ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුනට අයුතු අවහිර සිදුකිරීම යනාදී චෝදනා එල්ල වී තිබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 දා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

එම උද්ඝෝෂණවලට සහභාගි වූ එම සැකකරු ඇතුළු උද්ඝෝෂකයන් පොලිසිය යොදා තිබූ මාර්ග බාධක කඩා බිඳ දමා ඒවාට දැඩි අලාභහානි සිදුකර ඇති බව පවසමින් පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළේය. මේ අතර අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පසුගිය ජුනි 9 දා හා 10 දා උද්ඝෝෂණ පවත්වා ප්‍රචණ්ඩකාරීව හැසිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි නිදහස් අධ්‍යාපනය උදෙසා වූ සිසු ජන බලවේගයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියන් හා ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා මෙහිදී වරෙන්තු නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment