මුද්‍රණාලයාධිපතිනිය හරි හරි කීවා

142

තැපැල් ඡන්ද නිකුත් කිරීමට අදාළ ඡන්ද පත්‍රිකා දින 05ක් ඇතුළත ද අනෙක් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර ද මුද්‍රණය කර කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය දන්වා සිටි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අධිකරණ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙසට කොමිසම මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇත.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී අවශ්‍ය ආරක්‍ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) කොමිසමට දන්වා තිබේ.

එමෙන්ම ඡන්ද විමසීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ තීරණය ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙන බවට විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළ බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment