මුද්‍රණාලයෙන් තවමත් උත්තරයක් නෑ! තැපැල් ඡන්දය තියනවාද අවසන් තීරණය අද හෝ හෙට

111

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නියමිත පරිදි ලබන 22 වැනිදා පවත්වන්නේද නැද්ද යන්න ගැන අද (17දා) හෝ හෙට (18දා) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ.

නියමිත දිනට තැපැල් ඡන්දය පැවැත්වීමට නම් රජයේ මුද්‍රණාලය විසින් හෙට දින වනවිට හෝ අවසන් වශයෙන් ඡන්ද පත්‍රිකා තොග මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතු බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඊයේ දිනය වනතුරුම නිල වශයෙන් තැපැල් ඡන්ද පත්‍රිකා තොග ලබාදීමක් පිළිබඳව රජයේ මුද්‍රණාලය විසින් කොමිසම වෙත කිසිදු තොරතුරක් ලබාදී නැත.

මේ නිසා අද හෝ හෙට දිනයේදී ඒ පිළිබඳ දැනුම්දීමක් ලැබෙනු ඇතැයි කොමිසම අපේක්‍ෂාවෙන් පසුවන බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා ලැබුණත් නැතත් ඡන්ද විමසීම පිළිබඳ නිල ප්‍රකාශයක් අද හෙටම නිකුත්කිරීමට කොමිසම සූදානම් වන බව ද වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment