මුද්‍රණාලාධිපතිනියගෙන් ප්‍රකාශයක්

637


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇතැයිද ඇය සඳහන් කරයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇතැයිද පවසන ඇය ඒ සඳහා පොලිස් නිලධාරීන් හැට පස් දෙනෙකු අවශ්‍ය බවද පවසයි.දැනට ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment