මුද්‍රා නොකඩා නිවෙස්වල තබාගෙන සිටින ගෑස් සිලින්ඩර් දී අලූත් ඒවා ගන්න – පාරිභෝගික අධිකාරියේ සභාපති

204

පොලිතින් ආවරණය ඉවත් නොකර නිවෙස්වල තබාගෙන සිටින ගෑස් සිලින්ඩර්, ඒවා මිලදී ගත් ව්‍යාපාරික ස්ථානයට ලබාදී නව සිලින්ඩරයක් ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඊයේ (08දා) පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට ගෑස් සමාගම් දෙක මගින් ප‍්‍රමිතියෙන් යුත් නව ගෑස් සිලින්ඩර්, නව පොලිතින් ආවරණයක් යටතේ වෙළෙඳ පොළට නිකුත් කරන බවත් පොලිතින් ආවරණ ඉවත් නොකර නිවෙස්වල තබාගෙන සිටින ගෑස් සිලින්ඩර් යළි ලබාදී එම නව සිලින්ඩර ලබාගන්නා ලෙසත් ඒ මහතා කීය.

ගෑස් සමාගම් විසින් ප‍්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර් නියමිත ආකාරයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට දින කිහිපයක් ගතවිය හැකි නිසා නිවෙස්වල තිබෙන ගෑස් සිලින්ඩර් කලබල නොවී මාරුකර ගන්නා ලෙසත් දිසානායක මහතා පාරිභෝකිකයන්ගන් ඉල්ලා සිටී.

ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත ගැටලූ රැුසක් සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසය තුළ වෙළෙඳපොළට නිකුත් කර තිබූ ගෑස් සිලින්ඩර් වලින් බවට නිරීක්‍ෂණ වු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment