මුන්ට ශාප වෙනවා!

382

මට්ටක්කුලියේ පුද්ගලයෙක්…. ගෑස් නෑ, කිරි පිටි නෑ, තෙල් නෑ.
අපි අහන්නේ ආණ්ඩුවෙන්, මොනවද තියෙන්නේ කියලා.

කිරිසප්පයන් වඩාගෙන ජනතාව පෝළිම්වල දුක් විඳිද්දී මෙවැනි අසාධාරණකම් සිදුවීම හෙණ ගහන අපරාධයක්.

කොටහේන තෙල් පෝලිමේ දුක් අඳෝනා!

ජන පීඩන අරගලය රට තුළ අඩුවක් නැති බව පෙනෙන්නට තිඛෙන කරුණකි. කාරණා එසේ තිබියදී සිංහල සහ දමිළ අලූත් අවුරුද්ද අත ළඟටම පැමිණ තිබේ. ඊයේ (12) දින කොටහේන ඉන්ධන පිරවුම් හල අසල භූමිතෙල් පෝලිම සැතපුම් ගණනක ඈතට පෙළ ගැසී තිබුණි.

මුන්ට ශාප වෙනවා!

අනේ මහත්තයෝ උදේ පාන්දර කළුවරේ අපි පෝළිමට අවා, භූමිතෙල් ටිකක් ගන්න…. ඒකත් නෑ. ගෑස් ගන්න ගියහම ගෑස් නෑ. තී්‍ර රෝදය මග නැවතිලා, තෙල් නැතිව.

මුන්ට ශාප වෙනවා!

අපි ජීවත් වෙන්නේ කොහොමද. මෙදා පාර අපි අවුරුදු නෙමේ හිඟා කනවා. හිඟා කාලත් ගන්න තෙල්, ගෑස්, විදුලිය නෑ. පාලකයන් බල අරගලයේ, කාට කියන්නද මේ දුක….. ඔවුන් කාගේත් මුවින් නැෙඟන්්නේ මෙවන් අඳෝනාය. ඇතැමකු පේළිම් වලට ආවේ තම දරු සිඟිත්තාද කරපින්නාගෙනය. අව්වේ, වැස්සේ දුක් විඳින්නේ අපේම මිනිස්සුන්ය.

මුන්ට ශාප වෙනවා!

සිරිමාවෝ මැතිනිය කාලේ විතරයි අපි පෝළිම්වල හිටියේ – කොටහේනේ කාන්තාවක්

සිරිමාවෝ මැතිනිය කාලේ විතරයි අපි පෝළිම් වල හිටියේ. ඒත් පාන් පෝළිම් වල විතරයි. එදා අපිට කිව්වේ වවා ගෙන කන්න කියලයි. ඒ විදිහට කළා නම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ. මේ ජනාධිපති ආවත් හරි, අපට තිබුණු දේ නැත්තටම නැති වුණා.

මන්ත්‍රී බලතල පිට පාරෙන් – හෙණ ගහන අපරාධ – කොටහේන භූමිතෙල් පෝලිමේ ජන ඝෝෂා

මුන්ට ශාප වෙනවා!

දිගු පෝලිමක ජනතාව ලතැවෙද්දී නාගරික මන්ත්‍රීවරයකුගේ ගෝලයකු පිට පාරෙන් භූමිතෙල් රැගෙන යද්දී උණුසුම්කාරී තත්ත්වයක්.
නාගරික මන්ත්‍රීවරයාගේ ගෝලයා හතර වැනි වතාවටත් හොර පාරෙන් භූමිතෙල් ගෙනියලා.

advertistmentadvertistment
advertistmentadvertistment