මුම්බායි ඉන්දියන්ස්  සිව්වැනි පරාජයත් ලබයි

262

මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පිට පිටම ලැබූ සිව්වැනි පරාජයටත් උරුමකම් කීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු විය. එ් පෙරේදා (09 වැනිදා* පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලැබූ කඩුලූ 7ක පරාජයත් සමගිනි.

 පූනේ හි පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුමබායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 151ක අභියෝගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නේය. එ් අනුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කිරීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුලූ 3ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 මුම්බායි ඉනිම වෙනුවෙන් පන්දු 37කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සූර්ය කුමාර යාදව් සමත්විය. වනිදු හසරංග මුම්බායි ඉනිමේ ලකුණු 28කට කඩුලූ 2ක් බිඳ දැමීමට සමත්විය.

 බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු 47කදී නොදැවී ලකුණු 66ක් වාර්තා කිරීමට අර්ජුන් රාවට් සමත්විය. විරාත් කෝලි ලකුණු 48කට දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment