මුම්බායි ඉන්දියන්ස්  හය වැනි වරටත් පරදී

259

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිට පිටම ලැබූ හය වැනි පරාජය අත්විඳීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදුවිය. ඒ පෙරේදා (16 වැනිදා) පැවැති තරගයේදී ලක්නවු සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ ලැබූ ලකුණු 18ක පරාජයත් සමගිනි.

 මෙවර තරගාවලියේ ක්‍රියාත්මක වූ 26 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නවු කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 199ක් රැස් කළේය. සියවැනි අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ කේ. එල්. රාහුල් එම ඉනිම ශතකයකින් සරසා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. පන්දු 60ක් පුරා නොදැවුණු එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 181කට සීමා විය.

 අවේශ් කාන් මුම්බායි ඉනිමේ ලකුණු 30කට කඩුලු 32ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 48කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

 ලකුණු සාරාංශය

 ලක්නවු පන්දු වාර 20දී 199/4 (කේ. එල්. රාහුල් (නොදැවී) 103, මනීෂ් පාන්ඩේ 38, ක්වින්ටන් ඩීකොක් 24) මුම්බායි ඉන්දියන්ස් පන්දු වාර 20දී 181/4 (සූර්්‍යකුමාර් යාදව් 37, තිලක් වර්මා 26, කිරන් පොලාඩ් 25, ආවේශ් කාන් 30/3, දුෂ්මන්ත චමීර 48/1)

advertistmentadvertistment
advertistmentadvertistment