මුම්බායි පිතිකරුවෝ 9ක් ලකුණු 10ට නොඑති

406

ග්ලේන් මැක්ස්වෙල්ගේ සුපිරි තුන් ඉරියව් දක්‍ෂතා හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 54 ක ජයග‍්‍රහණයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් කී‍්‍රඩකයෝ පෙරේදා (26 දා* සමත් විය.

ඩුබායිහි පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වල් පන්දු 37 ක් තුළ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් ලබා ගැනීමට සමත් වූවේය. නායක විරාත් කෝලී ලකුණු 51 ක් ලබාගත් අතර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා 43 ක් සහ කුවින්ටන් ඞී කොක් ලකුණු 24 ක් ලබා ගත්තද, සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 10 සීමාවට අවතීර්ණ වීමට අපොහොසත් වූවේය. මුම්බයි කණ්ඩායම ලකුණු 111 කට සීමා කිරීමේදී හර්ෂල් පටෙල් ලකුණු 17 කට කඩුලූ 4 ක්ද, යුෂ්වෙන්ද්‍ර චහාල් ලකුණු 11 කට කඩුලූ 3 ක්ද දවා ගනිමින් දස්කම් දැක්වූහ.

ලකුණු සාරාංශය

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ලකුණු 165-6 (ග්ලේන් මැක්ස්වල් 56, විරාත් කෝලි 51* පන්දු යැවීම ජයස්පි‍්‍රට් බුම්රාන් 36-3. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 111 (රෝහිත් ෂර්මා 43, ඩිකොක් 24, පන්දු යැවීම හර්ෂල් පටෙල් 17-4, යුෂ්වෙන්ද්‍ර චහාල් 11-3, මැක්ස්වල් 23-2

advertistmentadvertistment
advertistmentadvertistment