මුරකරු පාසල පරීක්‍ෂාවේදී – පන්ති කාමරයක එල්ලෙන මළ සිරුරක්

987

කෙසෙල්වත්ත තක්‍ෂිලා විදුහලේ පංති කාමරයක බාල්කයක එල්ලෙමින් තිබූ පිරිමි මළසිරුරක් පෙරේදා (25 දා) රාත්‍රී හමුවූ බව පානදුර උතුර පොලිසිය කියයි.

විදුහලේ මුරකරු රාත්‍රියේ පන්ති කාමර වසා ඇද්දැයි පරීක්‍ෂා කිරීමේදී දැක පොලිසියට පැමිණිලි කර ඇත.

මියගොස් සිටි පුද්ගලයා අවු. 40 ත් 50 ත් අතර වයසේ පසුවන අයෙකු බවත්, ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බවත් පොලිසිය කියයි.

පානදුර උතුර ස්ථානාධිපති පො.ප. සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කරති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment