මුරකරු බිම වාඩිකර පරලෙයි කෝවිලෙ පිංකැටය කඩලා

118

යාපනය, සුලිපුරම් පරලෙයි ප‍්‍රදේශයේ මුරුගන් කෝවිලේ පිං කැටය කඩා රුපියල් ලක්ෂ ගණනක මුදලක් සොරාගෙන තිබේ.

කෝවිලේ භාරකාර පූජකයා යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලි කොට ඇත්තේ පිංකැටය යකඩ කපන හා උණුකරණ යන්ත‍්‍ර යොදා ගෙන විවෘත කොට එහි වූ මුදල් රැුගෙන ගොස් ඇති බවයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ හොරකම සඳහා පුද්ගලයන් හය දෙනෙකු පැමිණ ඇති බවත් කලූ රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන සිටි ඔවුන් රාත‍්‍රියේ කෝවිලේ මුරට සිටි පුද්ගලයාට පහර දී ඔහුව බිම වාඩි කරවා පිං කැටය කඩා මුදල් රැුගෙන ගොස් ඇති බවත් හෙළි වී තිබේ. යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment