මුරලිගේ චරිතාපදානය ඇතුළත් 800 චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදකී

333

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය පදනම් කරගෙන නිර්මාණය වන 800 චිත්‍රපටයේ පෝස්ටරය ඊයේ (17දා) නිකුත්ව ඇත.

මෙම චිත්‍රපටයේ දඟ පන්දු යවන්නාගේ චරිතයට පණ පොවන්නේ මධුර් මිතල් විසිනි. මීට පෙර ප්‍රකට නළු විජේ සේතුපති ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතාපදානය නිරූපණය කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් ඔහු 2020 දී ව්‍යාපෘතියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාගේ 51 වැනි උපන්දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදක්වා තිබේ.

මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අවසන්ව ඇති අතර එය දෙමළ ඉංග්‍රීසි, තෙලිඟු හා හින්දු යන භාෂාවලින් නිකුත් කෙරෙනු ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment