මුරලිගේ චෝදනාවට මැතිව්ස් සහ දිමුත් පිළිතුරු දෙති

357

කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් හිටපු කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවට ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න කියා සිටිති. මුත්තයියා මුරලිදරන් වෙත ලිපියක් යවමින් මැතිව්ස් සහ දිමුත් මේ බව ප‍්‍රකාශ කර තිබේ.

කී‍්‍රඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දෙමින් සකස් කළ වාර්ෂික ක‍්‍රිකට් ගිවිසුමේ විනිවිද භාවයක් නොමැති බව ප‍්‍රකාශ කරමින් මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ එයට අත්සන් තැබීමෙන් වැළකී සිටියහ. එ් අනුව මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සිව් දෙනකුගේ ගෙවීම් අඩුවීම හේතුවෙන් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් අර්බුදයක් හට ගත් බව රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් පසුගියදා පවසා තිබුණි. මේ හේතුවෙන් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත් අත්සන් නොකරන ලෙස මෙම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් නවක ක‍්‍රීඩකයන්ට බලපෑම් කර තිබූ බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මුරලිදරන් විසින් එල්ල කරන මෙම චෝදනාව අසත්‍ය බවට මැතිව්ස් සහ දිමුත් කියා සිටිති. කී‍්‍රඩකයන් සහ පරිපාලනය අතර භේද ඇති කිරීමට සහ අසමගිය ඇති කිරීමට කැමැති අයකු විසින් වැරදී තොරතුරු ලබා දී ඇති බවට අදාළ ලිපිය මගින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටී. ‘කොන්ත‍්‍රාත්තුවල ප‍්‍රශ්නය තනිකරම මුදල් බව ඔබ ප‍්‍රකාශ කිරීම අසාධාරණ සහ අසත්‍යයකි. එම චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. ක‍්‍රීඩකයන් සහ පරිපාලනය අතර භේදයක් ඇති කර අසමගිය ඇති කිරීමට කැමැති පාර්ශ්වයන් වැරදි තොරතුරු දී නොම`ග යවා ඇති බව මින් පැහැදිලි වෙනවා. සජීවී රූපවාහිනි වැඩසටහනකදී, කණ්ඩායම සහ අප අපහසුතාවට ලක් කිරීම අවාසනාවක්. මෙහිදී සියලූම කී‍්‍රඩකයන්ගේ අදහස වූයේ ඕනෑම ගිවිසුමකට එළඹීමට පෙර සෑම කෙනකුටම සාධාරණ ප‍්‍රශ්න ඇසීමට අයිතියක් ඇති බව’ යැයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මීට අමතරව නුවන් ප‍්‍රදීප්, අවිශ්ක ප‍්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අසිත ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ ඇතුළු තවත් කොන්ත‍්‍රාත් ලබා නොදුන් කී‍්‍රඩකයන් 14 දෙනකු පසුගිය අවුරුදු 2 තුළ දක්ෂතා අතර සිටි බවත් අවිශ්ක එම කාලය තුළ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර සිටි බවත් කොන්ත‍්‍රාත් ගිවිසුමේ විනිවිද භාවය ඉල්ලා සිටීම හේතුවෙන් සෑම කී‍්‍රඩකයකුටම කොන්ත‍්‍රාත් ප‍්‍රදානය නොකළ යුතු යැයි මුරලි විසින් කළ ප‍්‍රකාශ අසාධාරණ බවද එහිදී අදාළ ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ. තවද මෙම සිදුවීම් මාලාව පිළිබඳ වැරදි තොරතුරු ලබා දී ඇති බවත් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන් සූදානම් බවත් මෙම ලිපියෙන් මැතිව්ස් සහ දිමුත් දන්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment