මුරලි මගේ බැට් එක අරන් මටම හයේ ඒවා ගැහුවා…. වසර 18කට පසුව ෆිලින්ටොෆ්ගෙන් හෙළිදරව්වක්….

2583

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ඇන්ඩෘ ෆිලින්ටොෆ් දැන් රූපවාහිනි සහ ගුවන්විදුලි නිවේදකයෙකි. එකල ඔහු ටෙස්ට් සහ එක්දින සීමිත ඕවර තරග යන දෙඅංශයෙන් ම ලොව අංක එකට සිටි තුන් ඉරියව් කී‍්‍රඩකයා ද වූයේය. 2005 වසරේදී පැවැති අළුබ`දුන තරගාවලියේ වීරයා බවට පත් ඔහු වසර 18කට එපිටදී සිදු වූ සිද්ධියක් පසුගියදා මාධ්‍යයට හෙළිදරව් කර සිටියේය.

එයට සම්බන්ධව තිබුණේ ශී‍්‍ර ලංකාවේ හිටපු සුපිරි ද`ගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුර්ලිදරන්ය. ලොව ටෙස්ට් කඩුලූ ලාභියා ලෙස කඩුළු 800 ක් දවා ගෙන වාර්තාවක් පිහිටුවා තිබුණත් මුරලි පිළිබඳව ෆිලින්ටොෆ් හෙළි කර තිබුණේ පන්දු යැවීමේ වාර්තාවක් නම් නොවේය. හිටපු ගමන් දෑතේ වීර්ය යොදාගෙන මුරලි හයේ සීමාවට උඩින් ද බිමින් ද එල්ල කරන හයේ සහ හතරේ පහරවල් පිළිබඳවය. ඒවා ද මුරලි ගේ පිත්තෙන් නොව ප‍්‍රතිවාදී කණ්ඩායමේ ඇන්ඩෘ ෆිලින්ටොෆ්ගෙන් ඉල්ලා ගත් පිත්තකින් එල්ල කළ පහරවල් විය.

ෆිලින්ටොෆ් අදාළ සිද්ධිය හෙළිදරව් කර තිබුණේ මහත් සන්තෝෂයෙන් යුතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය. මෙහිදී ෆිලින්ටොෆ් මෙසේ ද සඳහන් කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

‘‘ඒ දවස්වල කණ්ඩායමේ නායකයා වුණේ නසාර් හුසෙන්. මගේ කී‍්‍රඩා දිවියේ ආරම්භක කාලයේදී තමයි මේ සිදුවීම වුණේ. ඒ කාලයේ නසාර් සමග මම ගනුදෙනු කළේ තරමක් තැති ගැන්වීමකින් යුතුවය. ඒ තරගාවලියේදී මුරලි මට වැඩිපුර දුස්රා පන්දු යොමු කළේ නැහැ. මමත් ඔහුට වැඩිපුර බවුන්සර් පන්දු යැව්වේ නැහැ. හැබැයි ඒ කාලයේ අපි දෙන්නාගේ ප‍්‍රධාන අවිය වුණේ පිළිවෙළින් දුස්රාව සහ බවුන්සර් පන්දුවයි.

තරගාවලියේ එක් තරගයකට පෙර දින රාති‍්‍රයේ මුරලි මාත් එක්ක රාතී‍්‍ර ආහාරය ගත්තා. ඒ වෙලාවේදී මුරලි මගෙන් ඇහැව්වා ‘මගේ ළ`ග බැට් එකක්වත් ඉතුරු වෙලා නැහැ. මට ඔයාගේ බැට් එකක් දෙනවාද කියලා.

ෆිලින්ටොෆ් මාධ්‍යට කළ තිබූ හෙළිදරව්වේ දක්නට ලැබුණේ එකල ෆිලින්ටොෆ් සහ මුරලි දෙදෙනාම එක අනුග‍්‍රහක ලේබලයකින් යුත් බැට් දෙකක් භාවිතා කළ බවයි. කෙසේ වෙතත් මුරලිට බැට් එකක් දීම තබා මුරලි සමග කතා කිරීමත් නායක නසාර් හුසෙන් විසින් එංගලන්ත කී‍්‍රඩකයින්ට තහනම් කර තිබුණි. එවන් වකවානුවක ෆිලින්ටොෆ් මුරලිට බැට් එකක් දීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකි කාරණාවකි.

මුරලි මගේ බැට් එක අරන් මටම හයේ ඒවා ගැහුවා.... වසර 18කට පසුව ෆිලින්ටොෆ්ගෙන් හෙළිදරව්වක්....

මැච් එක දවසේ උදෙත් මුරලි මගෙන් බැට් එක ගැන ඇහුවා. ඒ වෙලාවේ නසාර් මාව නොපෙනෙ දුරක සිට නොසතුටු බැල්මකින් මා දෙස බලා සිටියා. මම මුරලිට ඉක්මනින් මෙහෙම කීවා. ‘‘ අපි පන්දු රකින්න පිටියට යනකොට ඔයා අපේ (එංගලන්ත) කී‍්‍රඩාගාරයට යන්න. එතන පිටුපස දොර ළඟ මගේ බැට් තිබෙනවා. එතනින් බැට් එකක් අරගෙන ඔයා ළඟ තියා ගන්න.’’ කියලා මම මුරලිට කීවා.

ඔහු මං කියපු විදියට බැට් එක අරගෙන තිබුණා. තරගය කි‍්‍රයාත්මක වන අතරතුර අපි එකින් එක ශී‍්‍ර ලංකා කඩුලූ දවා ගත්තා. ඒ දවස්වල අපේ සැලැස්ම තිබුණේ ප‍්‍රතිවාදීන්ගේ අවසන් පෙළ කඩුලූ දවා ගැනීමට මා යොදා ගැනීමයි. මගේ අවිය වුණේ බවුන්සර් පන්දුවයි. නසාර් මට පන්දුව භාරදීලා තිබුණේ. දුරින් දුර අඩිය තබමින් මුරලි මගේ පිත්තත් අරන් කී‍්‍රඩාංගණයට ආවා. නසාර් මට සැලැස්ම කීවා ‘‘මුරලිට මැද කෙටි වන බවුන්සර් දන්න. මට ඕන ඔබ ලවා ඔහුව දවා ගැනීමයි.’’ නසාර් එහෙම කිව්වම මම ඊට විරුද්ධ පිළිතුරක් දුන්නා.

‘‘ නසාර්, මම හිතන්නේ යෝකර් පන්දු යවා ඔහුව දවා ගැනීමයි. එය සාර්ථක වෙවි. මගේ පිළිතුරට නසාර් එකඟ වුණේ නැහැ.’’ මම කියපු විදිහට කරන්න මුරලිට බවුන්සර් දාන්න. නසාර්ගේ පිළිතුර වූයේ එහෙමයි. එහෙත් මම නසාර්ට ආපහු කීවේ ‘‘නෑ මම කරන්න යන්නෙ මුරලිගේ කඩුල්ලට පන්දුව දැමීමයි. ඒ විදිහට මම ඔහුව දවා ගන්නවා.’’

ඊට පසුව මං දුවගෙන ඇවිත් නසාර්ගේ උපදෙස්වලට සම්පූර්ණයෙන්ම පිටින් යමින් යෝකර් පන්දුවක් මුරලිට දැම්මා. එහෙත් වැඬේ හරි ගියේ නැහැ. මගේ පිත්ත අතිින් අරගෙන සිටි මුරලි පිත්තේ හරි තැනට පන්දුව ගත්තා. පිත්තේ මැද වැදුන පන්දුව හතරේ සීමාවට උඩින් ගියා. ඊට පසුව මුරලි අනෙක් පන්දු යවන්නන්ටත් ඒ විදියටම සැලකුවා. ඉන් එක් හයේ පහරක් එල්ල කර අතරතුර තම අන්තයට මාත් නසාරුත් අතරින් මුරලි ගමන් කළා. එහිදී මුරලි අතේ තිබෙන්නේ මාගේ බැට් එක බව නසාර් හඳුනා ගත්තා. ඔහුට පිපිරෙන්න තරම් කෙන්ති ගියා යැයි ද ෆිලින්ටොෆ් සිය හෙළිදරව්ව අවසානයේ සඳහන් කර සිටී. පසුව මුරලි සහ ෆිලින්ටොෆ් තවදුරටත් හොඳ යහළුවන් වී තිබුණේ ඔවුන් දෙදෙනාම ලැන්ක්ෂයර් ප‍්‍රාන්තයට කී‍්‍රඩා කරන අතරතුරය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment