මුරුත්තෙට්ටුවේ හිමිට උපාධි සිසුහු පිටුපාති: කළු පටි බැඳගෙන එති – උප කුලපතිනිය උපාධි පිරිනමයි

955

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් උපාධිය ලබා ගැනීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ඊයේ (17 වැනිදා) උපකුලපතිනියට එම උපාධි පිරිනැමීමට සිදුව තිබේ.

දේශපාලන පත්වීමක් මත උන්වහන්සේ කුලපති තනතුරට පත් වූ බවත් එබැවින් උන්වහන්සේගේ අතින් උපාධිය ලබා ගැනීමට නොහැකි බවත් කියමින් ශිෂ්‍යයන් කළු පටි බැඳගෙන එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

මුරුත්තෙට්ටුවේ හිමිට උපාධි සිසුහු පිටුපාති: කළු පටි බැඳගෙන එති - උප කුලපතිනිය උපාධි පිරිනමයි

කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (17 වැනිදා) පැවති මෙම උපාධි ප‍්‍රදානෝත්සවයට කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහභාගි වී සිටියත් උප කුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය අතින් උපාධි පිරිනැමීම සිදුවිය. මෙහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්සියයක් පමණ පිරිසක් උපාධි ලබාගෙන ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යයන් මෙලෙස උපාධි ලබාගෙන ඇත.

ශිරාන් රණසිංහ,නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment