මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ V 8 රථයේ පැටිකිරිය

663


මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ තමන් සිදුකළේ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් යැයි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රනී ප්‍රියංකා ජයසේන මහත්මිය පවසයි.
එසේ නොමැතිව හාමුදුරුවන් පවසන ආකාරයේ වංචාවක් තමා කිසිලෙසකවත් සිදු කර නැතැයි ඇය අවධාරණය කරයි.

දැන හැඳුනුම්කම් මත තමන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සමග ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කළ බවත් ඉන් සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා V 8 රථය විකුණා මුදල් ලබා ගන්නා ලෙස උන්වහන්සේ තමන්ට දැනුම් දුන් බවත් ජයසේන මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව තමන් එම රථය විකුණා මුදල් ලබා ගත් බවත් එහෙත් තමන්ට සිදුවූ පාඩුව ඉන් පියවා ගැනීමට නොහැකි වූ බවත් පවසයි.

කෙසේ වෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එකී රථයට හිමිකමක් නොතිබූ බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment