මුරුත්තෙට්ටුවේ හිමි සමග කළ බිස්නස් එකේ පාඩුව පියවා ගන්න වී 8 රථය විකුණා මුදල් ගන්න කීවා

636

ගනුදෙනුවක් මිස වංචාවක් කළේ නෑ

නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා කියයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ තමන් සිදු කළේ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් බව කොළඹ  නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය ඊයේ (17 වැනිදා) ප්‍රකාශ කළාය.

හාමුදුරුවන් පවසන ආකාරයේ වංචාවක් තමා කිසිලෙස කර නැතැයි අවධාරණය කරන ඇය, දැන හැඳුනුම්කම් මත තමන් මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කළ බවත් ඉන් සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා වී එයිට් රථය විකුණා මුදල් ලබා ගන්නා ලෙස උන්වහන්සේ තමන්ට දැනුම් දුන් බවත් කීවාය.

ඒ අනුව තමන් එම රථය විකුණා මුදල් ලබා ගත් බවත් එහෙත් තමන්ට සිදුවූ පාඩුව ඉන් පියවා ගැනීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

කෙසේ වෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එම රථයේ හිමිකමක් නොතිබූ බව ද කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර කොළඹ නාගරික මන්ත්‍රිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment