මුලතිව්වලට මාසයකින් ඉන්ධන නෑ: ධීවරයෝ ඉන්ධන ඉල්ලා වීදි බසිති

103

මුලතිව් ධීවරයෝ මුහුදු යෑම නතරකොට ඉන්ධන ඉල්ලා පෙරේදා (26 දා) මුලතිව් නගරයේ විරෝධතාවක් දියත් කළහ.

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ කරන ලද පෙළපාලියකින් නගරය වෙත පැමිණි ධීවරයෝ පසුව නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වෙමින් කියා සිටියේ දින 27 කින් මුලතිව් ධීවරයන්ට මුහුදු යෑම සඳහා ඉන්ධන නොලැබුණු බවයි.

විරෝධතාව අවසානයේදී මුලතිව් දිසාපති කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවෝ මුලතිව් දිසාපතිවරයාට ලිපියක් භාර දෙමින් වහාම මුලතිව් ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබාදෙන මෙන් ඉල්ලා සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment