මුලතිව්හි පුරාවිද්‍යා බිමක් ඩෝසර් කර නිධන් සෙවූ දෙදෙනා මාට්ටු

206

මුලතිව් වසන්තපුරම් මන්දාකන්ඩාල් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක නටබුන් ඩෝසර් කොට නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් සිදු කිරීමට භාවිත කරන ලද බැකෝ යන්ත්‍රයක් හා තවත් උපකරණ කීපයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු වසන්තපුරම් ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා වන අතර ඔවුන් විසින් සිදු කළ කැණීම් වලදී ඉපැරණි ගඩොල් බිත්ති කීපයක ගඩොල් ගැල වී පුරාවිද්‍යා ස්ථානයට දැඩි ලෙස හානි සිදුව තිබේ.

පිරිසක් මේ ස්ථානයේ කැණීම් කරණ බව දුටු වසන්තපුරම් ගොවි සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඒ බව ඔට්ටිසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැණුම් දීමෙන් පසුව ඔහු පොලීසිය දැණුවත් කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment