මුලතිව් කඳවුරු ගැන බැචලේට පැමිණිල්ලක්

322

මුලතිව් හි හමුදා කඳවුරු 100 ක් ඇති බවත් එම හමුදා කඳවුරු ඉවත්කරන ලෙසත් ඉල්ලමින් ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
 
 නයාරු මුලතිව් මාර්ගයේද පුදුකුඩිරිප්පු මුලතිව් මාර්ගයෙත් මුලතිව් ඔඞ්ඩුසුඩාන මාර්ගයෙත් මෙම හමුදා කඳවුරු ස්ථාපිත කර ඇතැයි එම පැමිණිල්ලේ දක්වා තිබේ.
 
 එහෙත් ශී‍්‍ර ලංකා රජය මෙම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇත. යහපාලන රජය යටතේ රුපියල් මිලියන 300 ක් වැයකර මුලතිව් හි පිහිටි හමුදා කඳවුරු ඉවත් කර වෙනත් ස්ථානවල පිහිටුවනු ලැබීය.
 
 
 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment