මුලතිව් කුදිරමලේ විහාරයේ ඉදිකිරීම් නඩුව 30 වැනිදා විභාගයට

253

මුලතිව් කුදිරමලේ විහාරයේ අනවසර බෞද්ධ ඉදි කිරීම් සම්බන්ධයෙන් කුදිරමලේ අයියනාර් කෝවිල් භාරකාර මණ්ඩලය විසින් මුලතිව් අධිකරණයේ පනවා තිබූ නඩුව 30 වැනිදා විභාග කෙරෙන බව මුලතිව් විනිසුරු ආර්.සරවනරාජා මහතා දන්වා සිටියේය.

එදිනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හා සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

මුලතිව් කුදිරමලේ විහාරයේ ඉදිකිරීම් නඩුව 30  වැනිදා විභාගයට

2018 සැප්තැම්බර් මස 13 වෙනි දින මුලතිව් අධිකරණය විසින් මෙම කුදිරමලේ භූමිය තුළ කවර ආගමකට හෝ අයත් නව ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදු නොකරන ලෙසට වාරණ නියෝගයක් පනවා තිබියදී පසුගිය ජුනි 12 දා පිරිසක් විසින් එම ස්ථානයේ චෛත්‍යයක නිධන් වස්තු තැන්පත් කිරීමට හා ගල්වලින් නිර්මාණය කරන ලද බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සහ කළ බව කියමින් මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු පිරිසක් එම ක්‍රියාවට එරෙහිව නඩු පවරා තිබේ.

දකුණේ බෞද්ධ පිරිසක් මුලතිව් අධිකරණ නියෝගය කඩ කොට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙසත් මේ ස්ථානයේ බලහත්කාරයෙන් ඉදි කෙරෙන ඉදි කිරීම් වහාම නවතා දමන ලෙසත් ඉල්ලමින් එම නඩුව ගොණු කොට තිබේ.

කෙසේ වෙතත් කුදිරමලේ විහාරස්ථානය තුළ නව ඉදිකිරීම් කළ පිරිස විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර පොලිසිය කියා සිටියේ මේ ස්ථානය සම්බන්ධයෙන් විශාල ආරවුල් සහගත තත්ත්වයක් ඇති බැවින් ඊට අයිතිය තහවුරු කෙරෙන අධිකරණ නියෝගයක් අධිකරණයෙන් ලබා දිය යුතු බවයි.

පොලිසිය විසින් කරන ලද චෝදනාවලට කුරිසුර්මලෙයි ආදිසිවන් අයියනාර් විහාරස්ථානයේ පරිපාලනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment