මුලතිව් කොටි පොලිස් ලොක්කා ප‍්‍රංශයේ දී මිය යයි

399

මුලතිව්හි කොටි පොලිස් නායකයා ලෙස කටයුතු කළ ඒමානුවෙල් රංජිත් කුමාර් හෙවත් නික්සන් ප‍්‍රංශයේ දී මියගොස් ඇත.

නික්සන් හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට මීට පෙර ප‍්‍රචාරය කර තිබිණි.

කොරෝනා ආසාදනය වී සිටි මොහු ජිනීවා වෙත පැමිණ ප‍්‍රතිකාර ලබා ප‍්‍රංශයට ගිය අතර පසුගිය ඉරිදා (27 දා) මියගිය බව පැරිස් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

2002 වසරේ දී සටන් විරාම ගිවිසුමට අදාළ කටයුතු සඳහා ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව භාරව සිටියේ නික්සන් ය.

මෙම හිටපු කොටි පොලිස් නායකයා ප‍්‍රංශයේ සැඟවී සිටින බව මෙතෙක් වාර්තා වී නොතිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment